දැක්ම
කොට්ඨාශය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් - 2021
|
සමෘද්ධි ප්‍රතිලාභ (රු.) |
3500/= |
2500/= |
1500/= |
420/= |
පූජක පක්ෂය (1500/=) |
එකතුව |
| සංඛ්‍යාව |
3326 |
1672 |
2547 |
1256 |
12 |
8813 |
සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීම් (රු:)
|
ප්‍රතිලාභ වර්ගය |
2019 |
2020 |
2021 |
|||
| සංඛ්‍යාව | මුදල (රු.) | සංඛ්‍යාව | මුදල (රු.) | සංඛ්‍යාව | මුදල (රු.) | |
|
විවාහ |
119 | 892,500.00 | 139 | 1,345,000.00 | 25 | 250,000.00 |
|
උපත් |
22 |
165,000.00 |
53 |
512,500.00 |
9 |
90,000.00 |
|
මරණ |
179 |
2,685,000.00 |
249 |
4,730,000.00 |
46 |
920,000.00 |
|
වෛද්‍ය |
217 |
660750.00 |
235 |
776,600.00 |
32 |
159,950.00 |
|
නිවුන් දරු |
-- | -- | -- | -- | -- |
-- |
සිප්දොර ශිෂ්‍යත්ව ගෙවීම්
|
වර්ෂය |
ශිෂ්‍ය සංඛ්‍යාව |
මුදල (රු.) |
|
2017 / 2019 වර්ෂ |
95 |
2,011,500.00 |
|
2018 / 2020 වර්ෂ |
124 |
3,051,000.00 |
|
2019 / 2021 වර්ෂ |
154 |
3,184,500.00 |
වර්ෂ 2021 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බැංකු සංගම් 05 කි. මෙහි සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 8813 ක් පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 1360 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.
ඒ අනුව අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 68,000,000.00කි. එම ප්‍රතිපාදන කෘෂිකර්මාන්ත, ව්‍යාපෘති හා ගෙවතු වගා වැඩසටහන, සත්ත්ව පාලන වැඩසටහන, ධීවර වැඩසටහන, ගෘහ ආශ්‍රිත කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධනය, රැකියා ඉලක්ක කර ගත් වෘත්තීය පුහුණු වැඩසටහන හා අලෙවි සංවර්ධන වැඩසටහන යන ක්ෂේත්‍රයන් සඳහා වෙන් කර ඇත.
රු. 68,000,000.00 ක මුදලට අමතරව කොට්ඨාශයට අයත් ගිනිගත්හේන, පොල්පිටිය, විදුලිපුර, හැටන් හා නෝර්වුඩ් කලාපයන් හි සමෘද්ධි බැංකු තුලින් ජීවනෝපාය ව්‍යාපෘති සදහා ණය පහසුකම් ලබා දීමට දැනටමත් කටයුතු කරමින් පවතී.
සමෘද්ධි ප්‍රතිලාභීන් පවුල් 20ක අලෙවි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. මෙහි පවතින සමාජ, පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත. අත් බෑග් මැසීම, රස කැවිලි නිෂ්පාදනය හා අලෙවිය, ඇදුම් මැසීම, කෙටි කෑම වර්ග වෙළදාම, පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන, කේටරින් සේවා සහ රූපලාවන්‍ය මේ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් වේ.
මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ අලෙවි හා කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ යටතේ ඇඟළුම් කර්මාන්තය සඳහා ජුකි මැෂින් හා මහන මැෂින් ලබාදීමේ ව්‍යාපෘති, නිවාසවල සිදුකරන වෙළඳ ව්‍යාපාර සඳහා ශිතකරණ, තරාදි හා වෙනත් උපකරණ කට්ටල ලබාදීමට හදුනාගෙන ඇත.
එමෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ කාන්තා මුලික ව්‍යවසායකයින්ගේ එකමුතුවෙන් නව්‍යෝත්පාදන හා අගය එකතු කරන ලද (Value Added) නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩමුළු හා නව අලෙවි අවස්ථා සදහා 2021 සමෘද්ධි අභිමානී වෙළද ප්‍රදර්ශනය කලාප මට්ටමින් (2021 අලුත් අවුරුද්ද නිමිති කොටගෙන) පවත්වා ඇත.
















